Dream Keyboard Privacy Policy - Sinhala

Dream Keyboard app එක භාවිතයේදී ඔබගේ පෞද්ගලික දත්ත app එක විසින් හසුරුවන කරන ආකාරය මෙම privacy policy එක මඟින් පැහැදිලි කර ඇත.


App එක මගින් ලබාගන්නා user data මොනවාද?


App developer වශයෙන් මම user data කිසිවක් ලබා නොගනිමි. App එකේ සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන 3rd party services මඟින් ඔබේ දත්ත ලබාගන්න ආකාරය පහත දක්වා ඇත.


Google Firebase Analytics & Crashlytics


මෙම සේවා 2 ම Google සමාගම මඟින් app developers ලා වෙත ලබාදෙයි. ඔවුන් ලබාගන්නා data සහ ඒවා හසුරුවන ආකාරය ගැන විස්තර සඳහා ඔවුන්ගේ Privacy Policy වෙත පිවිසෙන්න.

• Firebase privacy policy - https://firebase.google.com/support/privacy


Google AdMob Ads


මෙම සේවාව app එක තුළ ads පෙන්වීමට යොදා ගැනේ. ඔවුන් ලබාගන්නා data සහ ඒවා හසුරුවන ආකාරය ගැන විස්තර සඳහා ඔවුන්ගේ Privacy Policy වෙත පිවිසෙන්න.

• AdMob privacy policy - https://policies.google.com/technologies/ads


Voice Typing & Mic Permission


App එක mic permission ලබාගන්නෙ voice typing සඳහාය. (ඔබ voice typing භාවිතා නොකරන්නේ නම් mic permission අවශ්‍ය නොවේ) මෙය ක්‍රියාත්මක වන්නෙ Google voice recognition සේවාව මඟිනි. එහිදී Google වෙත ඔබේ voice input යවා එයින් output වන text පමණක් app එකට ලබේ දේ. එම දත්ත අප විසින් ලබාගන්නේ නැත.


Clipboard Manager


ඔබ copy කරන texts Dream Keyboard හි clipboard ය තුළ save වේ. ඔබට පසුව අවශ්‍ය විට ඒවා භාවිතා කළ හැක. මෙය ඔබගේ device එක තුළ locally save වන අතර එම දත්ත අප ලබාගන්නේ නැත. මෙම clipboard එක access කළ හැක්කේද ඔබේ device එක unlock කර ඇති විට පමණි.

මෙය ඔබට අවශ්‍ය නැත්නම් Clipboard switch එක OFF කරන්න. එවිට keyboard එක් මගින් ඔබේ clipboard data save කර නොගනී.


Backup


Dream keyboard එකෙහි Themes, Settings, User dictionary, Recent emojis යන data backup කළ හැක. App එක uninstall කර නැවත (වෙනත් device එකක වුවද) install කර backup restore කළ විට keyboard එක කලින් පැවති ආකාරයටම සකස් වේ. Devices කිහිපයක් අතර keyboard එකෙහි data sync කිරීමටද මෙමගින් හැකිය.

මෙම දත්ත backup වන්නේ ඔබ විසින් select කර access ලබා දෙන ඔබගේම Google account එකේ Google drive එක තුළයි. එම දත්ත වෙනත් කිසිදු app එකකට හෝ පුද්ගලයෙකුට google drive වෙතින් ලබාගත නොහැක. එය ලබාගත හැක්කේ ඔබ විසින් අවසර ලබාදුන් විට Dream Keyboard app එකට පමණි.


Personal Dictionary & Private Mode


ඔබ ටයිප් කරන අලුත් වචන Dream Keyboard dictionary ය තුළ save වේ. ඔබ එකම වචනය නැවත ටයිප් කරන විට එම වචන suggestions ලෙස පෙන්වන්නේ මෙම dictionary යේ ඇති වචන හරහාය. මෙය ඔබගේ device එකෙහි locally save වන අතර එම දත්ත අප ලබාගන්නේ නැත. එසේ save වූ වචන ඉවත් කිරීමට අවශ්‍ය නම් වචනය keyboard එකෙහි ඉහළ තීරුවේ suggest වෙන විට එය මත long press කර එන dialog එකෙන් 'Remove' click කරන්න.

මෙය ඔබට අවශ්‍ය නැත්නම් keyboard එකෙහි උඩ ඇති private icon එක click කර "Private Mode" enable කරන්න. එවිට ඔබ ටයිප් කරන වචන keyboard එකෙහි save නොවේ.


Internet Usage


App එක මගින් internet පහසුකම ලබාගන්නේ පහත පහසුකම් ක්‍රියාත්මක කිරීමටයි.

• App එක තුළ ads පෙන්වීමට (Premium version active කර ඇත්නම් ads අක්‍රීය වේ)
• Themes download කිරීමට
• Voice typing භාවිතයට
• App data backup කිරීමට
• Keyboard සහ app එකෙහි translator පහසුකම ක්‍රියාත්මක කිරීමට


Passwords & Bank Card Details


• Dream Keyboard app එකට ඔබ ටයිප් කරන passwords / bank card details වැනි sensitive data කියවිය හැකිද?
• ඔව්. ඕනෑම keyboard app එකකට එය මගින් ටයිප් කරන ඕනෑම දෙයක් කියවිය හැක.

• එම sensitive data Dream Keyboard app එක මගින් ලබාගන්නවාද?
• එම දත්ත හෝ ඔබ ටයිප් කරන වෙනත් කිසිවක් app එකේ dictionary ය තුළ save වන්නේ හෝ අප විසින් ලබාගන්නේ නැත.

• Keyboard එක active කිරීමේදී පෙන්වන මෙම warning එක කුමක්ද?

"This input method may be able to collect all the text you type, including personal data like passwords and credit card numbers. It comes from the app Dream Keyboard. Use this input method?"

• මෙය ඕනෑම 3rd party keyboard app එකක් enable කිරීමේදී Android OS මඟින් පෙන්වන default message එකයි. එයින් අදහස් වන්නේ මෙම app එකට sensitive data පවා ලබාගත හැකි බව මිසක් ලබාගන්නා බව නොවේ.


Device Permissions


App එක මඟින් පහත permission ලබාගනී.

• Internet permission
• Mic permission
• Vibrate permission

Internet සහ mic permission භාවිතා කරන ආකාරය ඉහත පැහැදිලි කර ඇත. Vibrate permission අවශ්‍ය වන්නෙ Vibrate on key-press පහසුකම ක්‍රියාත්මක කිරීමටයි. මෙම permission හැර වෙනත් කිසිදු permission එකක් app එක මඟින් ලබා නොගනී.

App එකේ සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට යොදන්නා 3rd party services (Analytics, Crashlytics, AdMob වැනි) මඟින් අමතර permissions ලබා ගැනීමට ඉඩ ඇත. ඔවුන් ලබාගන්නා දත්ත පිළිබඳව ඉහත සඳහන් කර ඇත.


New Privacy Features


Privacy සම්බන්ධ ඕනම feature එකක් Dream Keyboard එකට ඇතුළත් කිරීමට අවශ්‍ය නම් මට දැනුම් දෙන්න. එය සැදීමට හැකි නම් අනිවාර්යයෙන් app එකට ඇතුළත් කර දෙන්නම්.

Popular posts from this blog

Dream Keyboard V4 Privacy Policy (Sinhala)

Dream Keyboard Privacy Policy - English